අවම වශයෙන් මාස අටකට පෙරවත් ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්රා දෙකක් ලබා ගත් ඇමෙරිකානුවන්ට තුන්වැනි එන්නතක් ලෙස බූස්ටර් මාත්රාවක් මෙම මාසයේදී ලබාදීම ආරම්භ වනු ඇති බව කියයි.
කෙසේ වෙතත් දැනට ධවල මන්දිරයේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ ෆයිසර් එන්නත් පමණක් තෙවැනි මාත්රාව ලෙස ලබාදෙනු ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව සැප්තැම්බර් 20දා වනවිට බූස්ටර් එන්නත් මාත්රා මිලියන 100ක් පමණ ලබාදීම ආරම්භ වනු ඇති අතර, මෙම අවස්ථාව සඳහා තම එන්නත්ද යොදාගැනීමේ අනුමැතිය සඳහා මොඩර්නා සමාගමද නියාමන අනුමැතිය සඳහා ඉදිරිපත්ව ඇත.
කෙසේ වෙතත් ෆයිසර් එන්නත් හෝ ලබාදීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය සැප්තැම්බර් 17දා රැස්වීමට නියමිත බවද වාර්තා වෙයි.