කොවිඩ්-19 මර්දන එන්නත් ලබා දී ඇති හෝ මීට පෙර ආසාදිත පුද්ගලයින් සඳහා තවදුරටත් මුඛ ආවරණ අවශ්‍ය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සීමා ලිහිල් කරමින් සිටින බව බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ පවසයි.
දෙවැනි මාරාන්තික කොරෝනා රැල්ලක් රට තුළ පැතිරී තිබියදීත්, අගුලු දැමීම් හා සමාජ දුරස්ථභාවයට විරුද්ධ වූ බොල්සොනාරෝ, නිරෝධායනය කළ යුත්තේ ආසාදිත පුද්ගලයන් පමණක් බවද එම කථාවකදී පැවසීය.
"ආසාදිත පුද්ගලයන් සඳහා ඒවා ප්‍රයෝජනවත් වෙනවා. නිරෝධායන ආසාදිතයන් සඳහා පමණයි." ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හෝ සැකසහිත පුද්ගලයන් ගැන අමතක කරමින් ඔහු කතා කළේය.
සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වීරෝගා පැවසුවේ බ්‍රසීලයේ මුඛ ආවරණ භාවිතය පිළිබඳව අධ්‍යයනයක් කරන ලෙස බොල්සෝනාරෝ තමාගෙන් ඉල්ලා ඇති බවයි.
කෙසේ වෙතත්, සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා මුඛ ආවරණ භාවිත කළ යුතු බවට එරට සෞඛ්‍ය ඇමතිවරයා මේ සතියේ සෙනෙට් විමර්ශන කොමිසමක් ඉදිරියේ සාක්ෂි දුන්නේය. කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මැලේරියා නාශක ඖෂධයක් වන හයිඩ්රොක්සික්ලෝරෝක්වින් භාවිතය ඵලදායී බවට කිසිදු සාක්ෂියක් නොමැති පවසමින් ඔහු මීට පෙරද රට අනතුරේ හෙළීය.
ඔහු සිය ආධාරකරුවන්ට සතිපතා අදහස් දැක්වීම්වලදී, ක්ලෝරෝක්වීන් භාවිතය අනුමත කළ අතර, බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ අවම කිරීමට එය ඉවහල් වූ බව පැවසුවේ, වෙනත් රෝගාබාධ හේතුවෙන් සිදුවන මරණද කොවිඩ්-19 මරණවලට ඇතුළත් වීම නිසා මරණ වැඩිවූ බව පවසමිනි.
එක්සත් ජනපදයෙන් පසුව දෙවැනි වැඩිම කොවිඩ්-19 ආශ්රිත මරණ බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එය වාර්තා වූ දත්ත අනුව මරණ 480,000ක් ඉක්මවූ අගයකි.
මේ අතර, බ්‍රසීලයේ එන්නත් කිරීමේ වැඩසටහනද මන්දගාමී වී ඇති අතර, එන්නත් දෙස සැකයෙන් බැලූවෙකු වූ බොල්සොනාරෝ, නියමිත වේලාවට සැපයුම් ලබාගැනීම හිතාමතාම ප්‍රමාද කළේ දැයි සෙනෙට් පරීක්ෂණ මගින් විමර්ශනය කෙරෙමින් පවතී.
සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව බ්‍රසීලයේ ජනගහනයෙන් 23.6%කට පමණක් පළමු මාත්‍රාව ලැබී ඇති අතර, 10.2%ක් පමණක් මාත්‍රා ද්විත්වයම එන්නත් කර ඇත.