තමන් පසුගියදා නව උපායමාර්ගික මිසයිල අත්හදා බැලීමක් සිදුකළ බව ප්‍රකාශ කරමින් උතුරු කොරියාව සිය බැලස්ටික් මිසයිල අත්හදා බැලීම පිළිගෙන තිබේ.
මෙය වසරක පමණ නිහැඬියාවකින් පසුව ප්‍රථම වරට උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් යළි සිදුකළ අවස්ථාවක් යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එසේම උතුරු කොරියාවේ ආරක්ෂක විද්‍යා ඇකඩමිය විසින් මෙම දියත් කිරීම සිදුකළ බවත්, එය විශ්වාසයෙන් යුතුව පුරෝකථනය කළ ආකාරයටම ඉතා සාර්ථක වූ බවත් උතුරු කොරියාව පවසයි.