බ්‍රසීලයේ කොරෝනා ආසාදන වේගවත්ව ඉහළ යනවිට ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප්, තම අතිජාත මිත්‍ර ජෙයර් බොල්සොනාරෝගේ අත අත්හරී.
ජනාධිපති ට්‍රම්ප් මේ සතිය මුලදී ආරම්භ කළ බ්‍රසීලයේ සංචාරක තහනම 'ඉතා දැඩි තහනමක්' ලෙස හැඳින් වූ අතර, එසේ වුවත් එක්සත් ජනපද පුරවැසියන්ට නැවත සිය රටට පැමිණීමට අවශ්‍ය නම් ඒ අවස්ථාව ලබාදෙන බව කියා සිටියේය.
"බ්‍රසීලය දැන් අප සංචාරක තහනමක් පනවා තිබෙනවා. තහනමක් තිබේ. එය ඉතා දැඩි තහනමක් වන අතර, ඇමෙරිකානුවන් යළි පැමිණීමට සිටිනවා නම් අප ඉඩ දිය යුතුයි. එක්සත් ජනපද පුරවැසියන්ට නැවත පැමිණීමට ඉඩ නොදෙන තැනට එය එතරම් දුෂ්කර විය නොහැකියි." ට්‍රම්ප් පැවසීය.
"නමුත් ඔවුන්ට යළි පැමිණීමට සිදුවන්නේ දැඩි නීති රාමුවකට යටත්වයි. යම් ලෙසකින් නිරෝධායනයක්, හෝ දැඩි පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක් හරහා එය සිදුවේවි." ජනාධිපතිවරයා වැඩබලන ස්වදේශ ආරක්ෂක ලේකම් චැඩ් වුල්ෆ් වෙත යොමු වෙමින් පැවසීය.
ට්‍රම්ප් ඊයේ කියා සිටියේ, "අපට හැකිතාක් දුරට බ්‍රසීලයට උදව් කිරීමට උත්සාහ කරනවා” යනුවෙනි.
"බ්‍රසීලයේ ඉතා ඉහළ කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් සිටිනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්" යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේ ඇමෙරිකාවේ ආසාදිතයන් ලක්ෂ 17ක් සහ මරණ 100,000ක් සිදුව ඇති බව අමතක වූවාක් මෙනි.