කොවිඩ්-19 හේතුවෙන් බ්‍රසීලයේ ඊයේ (26චා) නව මරණ 3,650ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව බව රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිනකට කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 3,000කට වැඩි ප්‍රමාණයක් රට තුළ වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙයයි.
බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව දැන් 307,112ක් වන අතර, මීට පෙර වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා වූයේ පසුගිය අඟහරුවාදා දිනයේදීය.
මීට අමතරව, රට පුරා නව කොරෝනා වෛරස ආසාදන 82,245ක් වාර්තා වී ඇති අතර, මේ දක්වා ලියාපදිංචි වී ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව අවම වශයෙන් 12,404,414ක් විය.