බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස මිලියන භාගයක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (31දා) උදෑසන වනවිට එම අගය දැක්වුණේ 498,440ක් වශයෙනි.
එසේම බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාවද 28,834ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට ආසාදිතයන්ගෙන් ඇමෙරිකාවට පමණක් දෙවැනිව සිටි බ්‍රසීලය, මරණ සංඛ්‍යාවෙන් දෙවැනි වන්නේ ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය සහ ඉතාලියට පමණි.
බ්‍රසීලයේ ආසාදිත අගයෙන් ලක්ෂ 2ක් ඉක්මවා සුවය ලබා ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව එම අගය මේ වනවිට 200,892ක් වශයෙනි.
ජනතාවට ආදර්ශයක් නොපෙන්වූ බ්‍රසීල ජනාධිපතිවරයා සහ එරට රජයේ අත්තනෝමතික හැසිරීම බ්‍රසීලයේ වත්මන් ඛේදවාචකයට බෙහෙවින් හේතු වී ඇති බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.