බ්‍රසීලයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදිත අගය ලක්ෂ 5ක සීමාව පසුකර ඇති බව වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව එරට සමස්ත ආසාදිත අගය අද (01දා) අලුයම වනවිට වාර්තා වූයේ 514,849ක් ලෙසිනි.
එහිදී ගෙවීගිය පැය 24ක කාලය තුළ බ්‍රසීලයෙන් නව ආසාදිතයන් 16,409 දෙනෙකු වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොරෝනා වෛරස ආසාදිත අගයෙන් බ්‍රසීලය දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ එක්සත් ජනපදයට පමණි.
පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ වෛද්‍ය කැරිසා එටියන් මේ සතිය මුලදී කියා සිටියේ ඇමෙරිකාව කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බවයි.
එසේම ගෙවීගිය දිනයේ බ්‍රසීලය විසින් නව කොරොන වෛරසය ආශ්රිත මරණ 480ක් වාර්තා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, ලොව පුරා කොරෝනා වෛරස මරණ සංඛ්‍යාව සිව්වැනි ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රසීලය වන අතර, අද (01දා) අලුයම වනවිට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 29,314කි.
බ්‍රසීලයේ වගකීමෙන් තොරව හැසිරෙන ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සහ නිරෝධායන නීති තුට්ටුවකට ගණන් නොගත් එරට රජය මෙම මිනිසුන්ගේ මරණ වෙත වගකිව යුතු බවට චෝදනා පවතී.