බ්‍රසීලයේ ගෙවීගිය දිනයේ නව ආසාදිත මරණ 1,473ක් සමග එරට මරණ සංඛ්‍යාව ඉතාලියේ මරණ සංඛ්‍යාවද අභිභවමින් ඉහළට පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 34,021කි.
එම සංඛ්‍යාලේඛනවලට අනුව, යුරෝපය තුළ වෛරසය වේගයෙන් පැතිර ගොස් මේ වනවිට යම් පාලනයක් සිදුකර ඇති ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව වන 33,689ක අගය බ්‍රසීලය විසින් පසුකර තිබේ.
ඒ අනුව එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය පසුපසින් ලොව තුන්වැනි වැඩිම මරණ සංඛ්‍යාව බ්‍රසීලයට හිමිව තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.
බ්‍රසීලයේ පසුගිය පැය 24 තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 30,925ක් ලියාපදිංචි කර ඇති අතර එය රටපුරා සමස්ත ආසාදිත අගය 614,941ක් දක්වා ඉහළ යෑමටද හේතු වී ඇත.
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ කොරෝනා වෛරසය ආසාදනය වන ප්‍රමාණය මැනීමට පවා නොහැකි ලෙස රට දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවයි.