එක්සත් ජනපදය විසින් හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධ මිලියන 2ක් සහ වෙන්ටිලේටර්ස් 1,000ක් බ්‍රසීලය වෙත යවන බව ඒකාබද්ධ ප්‍රකාශයකින් නිවේදනය කර තිබේ.
වෛරසයට එරෙහිව බ්‍රසීලයේ හෙදියන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ආරක්ෂා කිරීම සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් රෝග නිවාරකයක් ලෙස භාවිත කරනු ඇති බව බව එහි දක්වා තිබේ.
මෙය සිදුවන්නේ ආරක්ෂිත හේතූන් මත විභව කොවිඩ්-19 ප්‍රතිකාරයක් ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අධ්‍යයනය කිරීම තාවකාලිකව නතර කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයද නිවේදනය කිරීමෙන් පසුවය. හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සමග ප්‍රතිකාර කළ කොවිඩ්-19 රෝගීන් කොතරම් බරපතල ලෙස මිය යනවාද යන්න වෛද්‍ය සඟරාවක පළ වූ නිරීක්ෂණ අධ්‍යයනයකින් පසුව මෙම තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ගන්නා ලදී.
සායනික අත්හදා බැලීම්වලින් පරිබාහිරව හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිත කිරීමට එරෙහිව එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරියද අනතුරු අඟවා ඇති අතර, ඖෂධය රෝග නිවාරකයක් ලෙස හෝ වැළැක්වීමේ ප්‍රතිකාරයක් ලෙස දැනට ප්‍රකාශයට පත් කර නොමැති බවද අවධාරණය කරයි.
දෙරටේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ඒකාබද්ධ පර්යේෂණ ප්රයත්නයක් ඇති කිරීම ද එම ප්‍රකාශය මගින් නිවේදනය කර ඇත. කෙසේ වෙතත් බ්‍රසීලයේ වෛරසය පැතිරීම වේගවත් වෙත්ම එරට සංචාරක තහනමක් පැනවීමටද ට්‍රම්ප් පසුගියදා කටයුතු කළේය.
ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රටවල් අතර පෙරමුණේ ඇමෙරිකා එක්සත් ජනපදය සිටින අතර, දෙවනුවට බ්‍රසීලය වෙයි. මෙම දෙරටේම වෛරසය පැතිරීම කළමනාකරණය කරගැනීමට නොහැකි වූයේ වගකීමෙන් තොරව හැසිරුණු නායක දෙපළක් නිසා බවට එම රටවල් තුළින්ම දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.