එක්සත් රාජධානියේ ජනවාර්ගික සුළුතර ප්‍රජාවන්හි ජනතාව සිය සුදු ජාතික සම වයසේ පුද්ගලයන්ට වඩා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මියයෑමේ සම්භාවිතාව 50%කින් වැඩි බව රජයේ සමාලෝචනයක් මගින් සොයාගෙන තිබේ.
එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය විසින් කරන ලද මෙම විශ්ලේෂණයෙන් හෙළි වී අත්තේ වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කළ බංග්ලාදේශ සම්භවයක් ඇති සුළු ජාතීන්, ඔවුන්ගේ සුදු බ්‍රිතාන්‍ය සම වයසේ මිතුරන් මෙන් දෙගුණයක් පමණ මිය යන බවයි.
එමෙන්ම චීන, ඉන්දියානු, පකිස්තාන සහ කැරිබියානු සම්භවයක් ඇති අනෙකුත් සුළු ජාතීන්ට අයත් පුද්ගලයන්, සුදු ජාතික බ්‍රිතාන්‍යයන් හා සසඳන විට මරණ අවදානම 10% සිට 50% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ දැක්වේ.
කළු ජනවාර්ගික කණ්ඩායම්වල අයද කොවිඩ්-19 රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි බවත්, ජනගහනයෙන් 100,000කට රෝග විනිශ්චය අනුපාතය කළු කාන්තාවන් සඳහා 486ක් සහ කළු පුරුෂයන් 649ක් වී තිබේ. එසේම සුදු ජාතික කාන්තාවන් 220ක් සහ සුදු පිරිමින් 224ක් ලෙස එම අනුපාතය දැක්වෙයි.