එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ට ඊයේ (19දා) ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස මර්දන එන්නත ලබාදී තිබේ.
ඒ අනුව අගමැති ජොන්සන්ට ඔහුගේ පළමු එන්නත් මාත්‍රාව ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේදී ලැබුණි. කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු 2020 අප්‍රේල් මාසයේදී අගමැතිවරයාට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දී ඇත්තේද එම රෝහලේදීමය.
"මට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දෙයක් දැනුනේ නැහැ. එබැවින් එය ඉතා හොඳයි. ඉතා ඉක්මනින් සිදුවුණා. මට එය ඕනෑවට වඩා නිර්දේශ කරන්න අවශ්‍ය නැහැ. නමුත් දැනුම්දීම ලැබුණු ඔබ සෑම කෙනෙක්ම කරුණාකර ගොස් ඔබේ එන්නත් මාත්‍රාව ලබා ගන්න" යැයි 56 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය අමතමින් පැවසීය.
එක්සත් රාජධානියේ රජයේ දත්ත වලට අනුව, එන්නත්වල පළමු මාත්‍රාව ලබාගත් මිලියන 26කට අධික ජනතාව අතර දැන් අගමැති ජොන්සන්ද ඇතුළත් වී ඇත.
විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත අඛණ්ඩව ලබාගන්නා බවට ඔහු ලෝකයට හොඳ අවබෝධයක් ලබා දුන්නේ, ඇතැම් යුරෝපීය රටවල් රුධිර කැටි ගැසීම් සිද්ධීන් ගැන පවසමින් එන්නත් කිරීම අත්හිටවූවද, ජොන්සන් එය අඛණ්ඩව සිදුකළ නිසාය.
මේ අතර, ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් වෙතද ඊයේ (109දා) ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී තිබේ.
යුරෝපීය ඖෂධ නියාමකයා එය ආරක්ෂිත හා ඵලදායී එන්නතක් බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත නැවත භාවිත කරන බව පවසා ඇති රටවල් අතර ප්‍රංශය ද ඇතුළත් විය.