උතුරුදිග ප්‍රංශයේ 250,000ක ජනගහනයක් වෙසෙන ඩන්කර්ක් නගරය සහ ඒ අවට ප්‍රදේශය මෙම සිකුරාදා රාත්‍රියේ සිට සෑම සති අන්තයකම අගුලු දැමීමකට ලක් කරන බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් ඩන්කර්ක් නගරයේ කොවිඩ්-19 ආසාදන ඉහළ යමින් පවතින බැවින් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පැවසීය.
ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පැවසුවේ ඩන්කර්ක් ජනගහනයෙන් 100කින් අයෙකුට සෑම සතියකම වෛරසය ආසාදනය වන බවයි.
අගුලු දැමීම යටතේ, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සහ හදිසි සංචරණ සඳහා පමණක් අවසර ලැබේ. වැඩිදුර දැනුම් දෙන තුරු සෑම සති අන්තයකම අගුලු දැමීම ක්‍රියාත්මක වේ.
කෝවිඩ්-19 හි නැගීම මැඬපැවැත්වීම සඳහා ඉදිරි සති අන්ත දෙක තුළ වෙරළබඩ නගර වන මෙන්ටන් සහ තියෝල් අතර අර්ධ අගුලු දැමීමක් සිදු කිරීමටද නියමිතය. මේ අතර නව ආසාදන හා නව ප්‍රභේද පැතිරීම නිසා ඇල්පස්-මැරිටයිම්ස් හි දකුණු කලාපය සඳහාද රජය සඳුදා එවැනිම තීරණයක් ගෙන තිබේ.