එක්සත් රාජධානිය රට තුළ එදාමෙදා තුර සිදුකළ විශාලතම එන්නත වැඩසටහන දියත් කිරීම අද (07දා) දිනයේ පටන් ගෙන ඇති අතර, කොවිඩ්-19 වෛරසයට එරෙහි පළමු වැනි මාත්‍රාවන් රෝහල් වෙත පැමිණීමට නියමිතය.
ඒ අනුව එක්සත් රජධානියේ රෝහල 53ක් එන්නත ලබාගැනීම ආරම්භ කිරීමට සූදානම්ව සිටින අතර, එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) ජාතික වෛද්‍ය අධ්යක්ෂ ස්ටීවන් පවීස් පවසන්නේ මෙය ඉතා ප්‍රීතිමත් අවස්ථාවක් බවයි.
"අඟහරුවාදා සිට එන්නත ලබා දීමට අප සූදානම් බව තහවුරු කර ගැනීම සඳහා රට පුරා NHS කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා" යැයි පවීස් පැවසීය. "මෙය දැනෙන්නේ ආරම්භයක්, මිස අවසානයක් මිස නොවෙයි. මෙය මැරතන් තරඟයක්, කෙටිදුර ධාවන තරගයක් නොවෙයි."
බෙල්ජියමේ නිපදවන ලද ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රාවන්හි ජනතාවට ලබාදිය යුතු එන්නත් දෙකෙන් පළමුවැන්න මෙහිදී බ්‍රිතාන්‍ය ජනතාවට ලබාදෙනු ඇත. එය සෙල්සියස් අංශක සෘණ 75ක ගබඩා කළ යුතුය.
එක්සත් රාජධානිය එහි මාත්‍රාව මිලියන 40ක් ඇණවුම් කර ඇති අතර, මිලියන 20ක් ජනතාවට එන්නත් කිරීමට එම ප්‍රමාණය ප්රමාණවත්ය. ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩෙර්නා එන්නත්ද මේ ආකාරයෙන් ළඟදීම අනුමත කරනු ඇතැයි බ්‍රිතාන්‍ය රජය බලාපොරොත්තු වෙයි.
එන්නත් ලබාදෙන ලැයිස්තුවේ පළමු කණ්ඩායම සත්කාරක නිවාස කාර්ය මණ්ඩලය සහ ඒවායෙහි නේවාසිකයන් වන අතර, පසුව වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයින් සහ සෞඛ්‍ය හා සමාජ සත්කාර සේවකයන් වෙත එන්නත ලබාදෙනු ඇත. ප්‍රමුඛතා ලැයිස්තුව පසුව අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ අඩු වයස් පරාසයන් දක්වා පහළට ගමන් කරනු ඇත. සමස්ත අවදානම් සහිත ජනගහනයට මාර්තු හෝ අප්‍රේල් මාසයට පෙර එන්නත් ලබාදීම භාරදූර කාර්යයකි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ, "2021 දී ජීවිතය යථා තත්ත්වයට පත්වනු ඇති බවට දැන් විශ්වාසයි" යනුවෙනි.