දුප්පත් රටවල් එන්නත් සැපයුම් ලබා ගැනීමට පොරබදින අවස්ථාවේදී, බටහිර ධනවත් රටවල් කොවිඩ්-19 මාත්‍රාවන් ගබඩා කිරීමෙන් සදාචාරාත්මක සැහැසි බවක් පෙන්නුම් කරන බව හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු වන බ්‍රවුන්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ සෙසු නායකයන් හත් දෙනෙකුගෙන් ඉල්ලා සිටියේ ඇමරිකාවේ සහ යුරෝපයේ ගබඩාවල සිට එන්නත් නොමැතිව එන්නත් යදින අප්‍රිකාවට එන්නත් වහාම ලබාදෙන ලෙසයි.
බටහිර රටවල් මේ වනවිට අමතර එන්නත් මාත්‍රා මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර, මේ දක්වා අප්‍රිකාවේ සම්පූර්ණ එන්නත්කරණය මිලියන 70කට පමණක් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාදී ඇති බව බ්‍රවුන් පවසයි.
එසේම නත්තල් කාලය වනවිට බටහිර සෑම යුරෝපීය හා ඇමෙරිකානු වැඩිහිටියෙකුටම බූස්ටර් මාත්‍රාවක් ලැබුණත්, එම රටවල වයස 12ට වැඩි සියලුම දරුවන්ට එන්නත් කළත් අතිරික්ත මාත්‍රාවන් බිලියන 1ක් එම රටවල් දැනටමත් ගබඩා කරගැනීමට සූදානම් බවද බ්‍රවුන් චෝදනා කරයි.
"අපි නව 'ආයුධ' තරඟයක යෙදී සිටින්නේ, හැකි ඉක්මනින් මිනිසුන්ට එන්නත් ලබාදීම සඳහායි. නමුත් මෙය අවි ආයුධ තරගයක් බවට අද පත්වෙලා. බටහිරට එන්නත් සැපයුම් මුදා හැරීමක් දකින්න බැහැ" බ්‍රවුන් පැවසීය.
බටහිර රටවල මෙම ක්‍රියාකලාපය හේතුවෙන් එන්නත් බෙදාහැරීමේ කොවැස් වැඩසටහන අඩාලවිය හැකි බවටද බ්‍රවුන් චෝදනා කරයි.