කොවිඩ්-19 වසංගතය පැතිරීම මැඬපැවැත්වීම සඳහා පේරු රාජ්‍යය අද (01දා) සිට පාස්කු ඉරිදා දක්වා සම්පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයකට යන බව එරට රජය නිවේදනය කරයි.
මෙම අගුලු දැමීම යටතේ පැය 24 ක ඇඳිරි නීතිය, පුද්ගලික වාහන භාවිතය තහනම් කිරීම සහ අත්‍යවශ්‍ය සාප්පු සවාරි සඳහා නිවසින් පිටවීමට අවසර ඇත්තේ එක් නිවසක එක් අයෙකුට පමණක් බව පේරු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශයක් පැවසීය.
එමෙන්ම දේශීය ගුවන් ගමන් සහ අන්තර් නගර පොදු ප්‍රවාහනයද නතර වනු ඇති බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් රැස් කරන ලද දත්ත වලට අනුව පේරු හි අවම වශයෙන් කොවිඩ් -19 ආසාදිතයන් 1,533,121 ක් සහ වෛරසය ආශ්රිත මරණ 51,635ක් වාර්තා වී තිබේ.