ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා 20%ක පමණ ශිෂ්‍ය පිරිසක් යොමු වුවත්, එයින්ද විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගන්නේ 6.6%කටත් වඩා අඩු ප්‍රතිශතයක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටයේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක වාර්ෂික උපාධි ප්රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"උසස් අධ්‍යාපනයට යොමුවන පිරිසෙන් රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට යොමුවන්නේ 6.6% ක් පමණ වන ඉතා අඩු ප්‍රමාණයක්. ඒ නිසා ඉතිරි තරුණ පිරිසගේ උසස් අධ්‍යාපන සිහිනය බොඳ වෙලා. නමුත් අපි රටක් ලෙස පෞද්ගලික අංශය සමග එකතු වී හෝ එම සිසු පිරිසටත් උසස් අධ්‍යාපනය ලබාදීමට සැලසුම් කළ යුතු වෙනවා. ඒ සඳහා මේ වගේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල සහයෝගය ලබාගැනීම ඉතා වැදගත් වෙනවා. එවිට අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායකවිය හැකි පරිපූර්ණත්වයෙන් පිරිපුන් දක්ෂ උපාධිධාරී විද්‍යාර්ථීන් පිරිසක් බිහි කිරීමට හැකි වෙනවා." යැයි පවසා සිටියේය.