ජනාධිපති ජෝ බයිඩන් සමග සජීව වීඩියෝ සාකච්ඡාවක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ යෝජනාව එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කළ බව රුසියානු විදේශ අමාත්‍යංශය ඊයේ (22දා) ප්‍රකාශ කළේය.
"එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමග මාර්තු 19දා හෝ 22දා යන දෙදින තුළ දෙරට අතර උපායමාර්ගික ස්ථාවරත්වය තේමා කරගනිමින් සජීව සංවාදයක් පැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් කළ යෝජනාවට ඇමෙරිකානු පාර්ශ්වය සහාය නොදැක්වීම පිළිබඳව අපට කණගාටුවෙන් යුතුව වාර්තා කිරීමට සිදුවෙනවා." විදේශ අමාත්‍යාංශය කීය.
තම රුසියානු සගයා ඝාතකයෙකු බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සම්මුඛ සාකච්ඡාවකට එක්ව පැවසීමෙන් පසුව පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් බයිඩන්ට සජීව මාර්ගගත සාකච්ඡාවකට අභියෝගයක් කළේය.