නාසා ආයතනය විසින් මෙතෙක් අඟහරු කක්ෂයට යවන ලද විශාලතම හා වඩාත්ම දියුණු රෝවරය වන Perseverance (නොපසුබට උත්සාහය) යානය අඟහරු මතට සාර්ථකව ගොඩබසින නවවන එක්සත් ජනපද අභ්‍යවකාශ යානය බවට පත්ව තිබේ.
රෝද හයේ රෝවරය එහි අනතුරුදායක සම්භවයෙන් බේරී එහි ඉලක්කගත කලාපය වන කිලෝ මීටර් 45ක් පළල ජෙසෙරෝ ආවාටය වෙත ගොඩබෑම සිදුකර තිබේ. එය අඟහරු ග්‍රහයාගේ උතුරු අර්ධගෝලයේ පිහිටා ඇත. රෝවර් ගොඩබෑමේ ස්ථානය අසල ඉපැරණි ජල මූලාශයක් තිබෙන්නට ඇති බව විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.
අඟහරුගේ වායුගෝලය වෙත පැයට කිලෝමීටර 19,000ක වේගයෙන් ඇතුළු වීමට පෙර, මාස හතක් පුරා කිලෝමීටර් මිලියන 472ක දුරක් අභ්‍යවකාශය හරහා මෙම යානය මෙම අඟහරු මෙහෙයුම සඳහා පැමිණියේය.
අඟහරු පෘෂ්ඨය මත ගොඩබෑමෙන් මොහොතකට පසු, Perseverance යානය අඟහරු පෘෂ්ඨයේ සිට එහි පළමු කළු-සුදු ඡායාරූප ලබා ගනිමින්, ඒවා පෘථිවිය වෙත එවනු ලැබීය. මෙම එක් ඡායාරූපයක පාළු පාෂාණමය ගොඩබෑම සිදුකළ භූමියේ රෝවරයේ සෙවනැල්ල දැකගත හැකිය.
ග්‍රහයා මත අනාගත විශ්ලේෂණයන් සඳහා අඟහරු පාෂාණ සාම්පල ලබාගැනීමට Perseverance යානය කටයුතු කරනු ඇති අතර, යානය නැවත පෘථිවිය කරා පැමිණීමෙන් පසුව ඒවා අධ්‍යයනය තුළින් අඟහරු ග්‍රහයා මත අතීත ජීවී සලකුණු සොයා ගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වේ.