නවසීලන්තය විසින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 20දෙනෙකු අඛණ්ඩව තුන්වැනි දිනටත් ගෙවීගිය දිනයේ වාර්තා කර තිබුණේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වයිරස් සීමා ලිහිල් කළ හැකිද යන්න පිළිබඳ තීරණයට පෙරය.
ඒ අනුව නව ආසාදිතයන් සියලු දෙනාම දැනට වෛරසය පැතිර යන කේන්ද්‍රස්ථානය වූ ඕක්ලන්ඩ් හි සිටි අතර, වර්තමාන ආසාදන රැල්ලේ මුළු ආසාදිතයෙන් සංඛ්‍යාව 821ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රට තුළ ක්‍රියාත්මක කොරෝනා වයිරස් සීමා ලිහිල් කරන්නේද යන්න හෙට (06දා) තීරණය කිරීමට රජය සූදානමින් සිටියි.