නවසීලන්තයේ කොවිඩ්-19 සක්‍රීය ආසාදිතයන් පළමු වරට වාර්තා නොවන අතර, අවසන් පුද්ගලයා වෛරසයෙන් සුවය ලබා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නවසීලන්තයේ අවසන් වරට රට තුළ ආසාදිතයෙකු වාර්තා වී දැන් දින 17ක් ගෙවී ඇත.
ඕක්ලන්ඩ් ප්‍රාදේශීය මහජන සෞඛ්‍යය නිලධාරීන් විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ එහි ඉතිරි ආසාදිතයා පැය 48ක් පුරා රෝග ලක්ෂණ රහිතව සිටින බවත් ඔහුද යථා තත්ත්වයට පත්ව ඇති බවත්ය. මෙම පුද්ගලයා මේ වනවිට නිරෝධායනය සඳහා නිදහස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයක් පවසයි.
ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව නවසීලන්තයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි. එරට වෛරසය ආසාදිතව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මේ වනවිට සුවය ලබා ඇති පිරිස 1,482කි. සක්‍රීය රෝගීන් කිසිවෙකු නැත.