නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් විසින් රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ්හි දින තුනක අගුලු දැමීමක් ඊයේ (14දා) නිවේදනය කළේය.
දේශීය වශයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග නවසීලන්තය මෙවැනි හදිසි පියවරක් ගෙන තිබේ.
ඒ අනුව 3 වැනි මට්ටමේ සීමාවන්, අත්‍යවශ්‍ය සාප්පු සවාරි සහ අත්‍යවශ්‍ය වැඩ හැරුණු විට සෑම කෙනෙකුටම නිවසේ රැඳී සිටිය යුතු බවත්, වසංගතය මැඩපැවැත්වීම සඳහා පසුගිය වසර පුරා රට ගෙන ඇති විශේෂ සුපරීක්ෂාකාරී ප්‍රවේශය යළි සිදු කරන බවත් ආරඩේන් පැවසීය.
නවසීලන්තය සැලකෙන්නේ කොරෝනා පාලනය අතින් ලොව වඩාත් ඉදිරියෙන්ම සිටි රාජ්‍යයක් ලෙසිනි.