නවසීලන්තය සිය එන්නත් කිරීමේ වැඩසටහන සෙනසුරාදා ආරම්භ කළේ ඕක්ලන්ඩ් හි දේශසීමා ශ්‍රම බලකාය, හුදෙකලා සහ නිරෝධායන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල වෙත ෆයිසර් - බයෝඑන්ටෙක් හි කොවිඩ්1-9 ආරක්ෂණ එන්නත ලබාදෙමිනි.
"අද අපි අපේ ඉතිහාසයේ විශාලතම ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කරන්නේ, අපේ දේශසීමා ශ්‍රම බලකායට එන්නත් ලබාදීමෙනුයි. එය ඕකලන්ඩ් හි සියල්ලන් ආරක්ෂා කිරීමේ තීරණාත්මක පියවරක්" යැයි නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් ඕක්ලන්ඩ් හි වාර්තාකරුවන්ට පැවසුවේය.
එන්නත ලබන සතියේ වෙලින්ටන් සහ ක්‍රයිස්ට්චර්ච් හි ලබාදීම ආරම්භ වන අතර, පොදු මහජනතාව සඳහා එන්නත් කිරීමේ සැලැස්ම ළඟදීම ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
නවසීලන්තය අපේක්ෂා කරන්නේ මිලියන පහක ජනතාවක් ආවරණය වන පරිදි රටපුරා එන්නත් කිරීම ව්‍යාප්ත කිරීම සඳහා වසරක් ගතවනු ඇත.