නිවැරදි මෙවලම් සමග, අධිශීත ගබඩා කිරීමක් අවශ්‍ය වන ෆයිසර් කොවිඩ්-19 එන්නත බෙදා හැරීමට හැකි නමුත්, එම සම්පත් වෙන් කරන්නේ කොතැනටද යන්න පිළිබඳව උපාය මාර්ගික විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා අධ්‍යක්ෂිකා කැතරින් ඕ බ්‍රයන් පැවසුවේ ඉතා දුෂ්කර හා දුර බැහැර ප්‍රදේශවලට පවා අධිශීත දාමයක් හරහා එන්නත් ලබාදීමේ අත්දැකීම් ලෝක සෞඛ්‍ය සංවිධානය සතු බවය.
මෙම කාර්යයට අතිවිශාල සම්පත් අවශ්‍ය වන අතර, ඉලක්කගත බෙදාහැරීමේ ප්‍රවේශයක් භාවිත කිරීමට මිනිසුන්ට අවශ්‍ය විය හැකි බව ජිනීවාහි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඕ බ්‍රයන් පැවසීය.
"මෙහිදී බොහෝ රටවලට ගත හැකි ප්රවේශයේ කොටසක් වන්නේ මුලින්ම එන්නත ලබාදිය යුතුම ජනගහනයේ ප්‍රජාවන් තෝරාගෙන එන්නත ලබාදීමට කටයුතු කිරීමයි" ඇය තවදුරටත් පැවසුවාය.
සෞඛ්‍ය සේවකයන් අතර එන්නත භාවිත කිරීමට සමහරුන්ට තෝරා ගත හැකි බව ඕ' බ්‍රයන් පැවසුවේ, වෙනත් සැකසුම්වලට වඩා අධි ශීතකරණයක් ස්ථාපනය කිරීම පහසු බැවිනි.
"සෑම රටකටම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇති අතර ඇත්ත වශයෙන්ම අධිශීත දාමයක් ඇති එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය පද්ධති නවීකරණය කිරීමට සිදුවනු ඇති" ඕ බ්‍රයන් තවදුරටත් පැවසීය.
එන්නත් ප්‍රවාහනය කිරීම සඳහා ෆයිසර් සමාගම දැනටමත් විශේෂ අධිශීත කන්ටේනර් සකසා ඇති අතර, එමගින් එන්නත්වල උෂ්ණත්වය දින 10 සිට 15 දක්වා පවත්වා ගත හැකි බව කියයි.
"කිසිදු එන්නතකට සමස්ත ලෝක ප්‍රජාවටම ප්‍රමාණවත් සැපයුමක් ලබාදිය නොහැකි නිසාත්, කිසිදු එන්නතකට අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරාලීම සඳහා සුදුසු මෙහෙයුම් ලක්ෂණ නොමැති නිසාත්, වෙනත් එන්නත් සමග එය භාවිතා කිරීමට නිසැකවම අදහස් කෙරෙනවා." ඕ බ්‍රයන් පෙන්වා දුන්නේ ෆයිසර් එන්නත මෙන්ම අනෙකුත් එන්නත්ද අඩු වැඩි වශයෙන් ලොවපුරා හදිසි භාවිතයට ගැනෙනු ඇති බව අඟවමිනි.