වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත පූර්වාරක්ෂක පියවරක් ලෙස නෙදර්ලන්තය විසින් අත්හිටුවා තිබේ.
මෙම එන්නත ලබාදුන් වයස අවුරුදු 25 ත් 65 ත් අතර කාන්තාවන් අතර රුධිර කැටි ගැසීම් සිද්ධීන් 5ක් වාර්තා කර ඇති බව එරට ඖෂධ නියාමකයන් පවසයි..
එන්නත සම්බන්ධයෙන් යුරෝපා ඖෂධ ඒජන්සිය විසින් සහතියක් ලබා දුන්නද තීරණාත්මක ප්රශ්නය ලෙස මෙම සංකූලතා ඇත්වන්නේ එන්නත ලබා දීමෙන් පසුවද, නැතහොත් එන්නත ලබා දීමෙන්ද යන්න සම්බන්ධයෙන් නෙදර්ලන්තය වැඩිදුර විමර්ශන බලාපොරොත්තු වෙයි.
මේ අතර, ඔස්ට්‍රේලියාවේ රුධිර කැටි ගැසීමේ සිද්ධියක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත හා සම්බන්ධ දැයි එරට විමර්ශන ආරම්භ කර තිබේ.
මෙය එරට තුළ මෙම එන්නත ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනෙකු කණස්සල්ලට පත්කර ඇති අවස්ථාවක් බවද කියයි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව 44 හැවිරිදි පුද්ගලයෙකු රුධිර කැටි ගැසීම් සහිතව මෙල්බර්න් රෝහලකට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් මෙය එන්නත සමග සම්බන්ධයක් ඇති බව විමර්ශකයින් විසින් සනාථ කර නැතිමුත්, පරීක්ෂණ දිගටම කරගෙන යන බව එරට සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.