ධනවත් රටවල් සෑම තත්පරයකටම එක් පුද්ගලයෙකුට එන්නත ලබාදෙන අතර, ඇතැම් දුප්පත්ම ජාතීන්ගෙන් බහුතරයක් තවමත් එන්නත් හි එක මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති බව මහජන එන්නත සන්ධානය අඟහරුවාදා පැවසීය.
කොවිඩ්-19 එන්නත සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අත්හැරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් දරන උත්සාහයන්, මෙම ධනවත් රටවල්ම අවහිර කරමින් සිටින බව එම කණ්ඩායම පවසයි.
කෙසේ වෙතත් බුද්ධිමය දේපල වෙළෙඳාමට සම්බන්ධ එම අයිතිවාසිකම් අත්හැරීමේ හැකියාව සලකා බැලීම සඳහා ලෝක වෙළඳ සංවිධානයේ බුද්ධිමය දේපල වෙළෙඳාමට සම්බන්ධ කමිටුව අද (10දා) රැස්වීමට නියමිතය.
"අපි දැන් ක්‍රියා කළ යුතුයි. ආපසු යාමක් නැත. පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් එන්නත් ඇති ධනවත් රටවල් බුද්ධිමය දේපල වෙළෙඳාමට සම්බන්ධ එම අයිතිවාසිකම් අත්හැරීම අවහිර කිරීම මුළුමනින්ම අසාධාරණයි. එමගින් දුප්පත් රටවලට අවශ්‍ය එන්නත් ලබාගැනීමට නොහැකි වෙනවා."යැයි මහජන එන්නත් සන්ධානයේ සාමාජිකයෙකු වන නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යූනුස් පැවසීය. මහජන එන්නත සන්ධානය. "ධනවත් ලෝකය විසින්, ඖෂධ සහ එන්නත් එකවරම මුළු මිනිස් පවුලටම ලබා ගැනීම සහතික කිරීම සඳහා වූ මානව සහයෝගීතාවයේ මෙම යෝජිත ක්‍රියාව හුදෙක් පුණ්‍ය කටයුත්තක් ලෙස නොව, ඔවුන් ස්ව-කැමැත්තෙන්ම සිදුකළ යුතු ක්‍රියාවක් වෙනවා."
ඔක්ස්ෆෑම් ඉන්ටර්නැෂනල්, ෆ්රන්ට්ලයින් ඒඩ්ස්, යුනයිඩ්ස් සහ තවත් සංවිධාන සමූහයක් වන මහජන එන්නත්් සන්ධානය කියා සිටියේ මෙය ධනවත් රටවල් මිනිසුන්ගේ ජීවිත කෙරෙහි විශාල ඖෂධ ඒකාධිකාරයන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙන තවත් උදාහරණයක් බවයි.