ගෝලීය සෞඛ්‍ය විෂමතා විසඳීම සඳහා තම ප්‍රතිඥා ලබාදෙන ලෙස එන්නත් නිපදවන සහ පොහොසත් රටවලින් ඉල්ලා සිටීමට ලෝක සෞඛ්‍ය සංවිධානය යළි කටයුතු කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසා සිටියේ, G20 රටවලින් පොරොන්දු වූ එන්නත් ලබාදීම නැවැත්වීම ගැන යළි හඬ නැගූ අතර, ලොව විශාලතම ආර්ථිකයන් කොවිඩ්-19 එන්නත් සමානාත්මතාවට අගුලු දමන බවට චෝදනා කළේය.
ලොව පුරා මෙතෙක් පරිපාලනය කර ඇති කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් බිලියන 5.5ක අගයෙන් 80%ක් පමණම ලබාදී ඇත්තේ ඉහළ ආදායම් ලබන රටවල් තුළදී වීම සැලකිය යුතු තත්ත්වයකි.
"අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලබා නොදෙන්නේ ඔවුන්ට මහා පරිමාණ එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොමැති නිසා යැයි සමහර නිෂ්පාදකයින්ගෙන් සහ සමහර ඉහළ ආදායම් ලබන රටවල් නිදහසට කරුණු අප අසා තිබෙනවා" ටෙඩ්රොස් පැවසීය.
නමුත් මෙය සත්‍යයක් නොවන බවත්, අඩු ආදායම් ලාභී රටවල් සියල්ලම පාහේ පෝලියෝ, සරම්ප සහ වෙනත් රෝග සඳහා මහා පරිමාණ එන්නත් කිරීමේ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව පෙන්නුම් කර ඇති බව ඔහු අවධාරණය කළේය.
මෙම වසර අවසානය වනවිට සෑම රටකටම තම ජනගහනයෙන් අවම වශයෙන් 40%කට වත් එන්නත් ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය ඉලක්ක කර තිබේ.