ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින්, එය ලක්ෂ 5ක් දක්වා පැමිණීමට එරට දේශපාලනික බෙදීම් ප්‍රබල දායකත්වයක් දැක්වූ බව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග විශේෂඥ ඇන්තනි ෆවුසි පවසයි.
රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය ෆවුසි කියා සිටියේ වසංගතය එක්සත් ජනපදයට පැමිණියේ දේශපාලන බෙදීම් හේතුවෙන් රට වෙස්වලාගෙන සිටින පසුබිමක බවය. ඒ වනවිට මුඛ ආවරණයක් පැලඳීම මහජන සෞඛ්‍ය පියවරකට වඩා දේශපාලන ප්‍රකාශයක් බවට පත්ව තිබූ බවද ඔහු කියා සිටියේය.
"හොඳම තත්ත්වයන් යටතේ වුවද මෙය (කොරෝනා වසංගතය) ඉතා බරපතල ගැටලුවක් වනු ඇති" යැයි ෆවුසි සඳහන් කළේ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස අනුගමනය කළද ජර්මනිය සහ එක්සත් රාජධානිය වැනි රටවල් තවමත් වෛරසය සමග පොරබදමින් සිටි බව පෙන්වා දෙමිනි.
"කෙසේ වෙතත්, ධනවත් හා නවීන රටක වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවිය හැක්කේ කෙසේද සහ ලෝකයේ වඩාත්ම පීඩාවට පත් රට වන්නේ කෙසේද යන්නට එයින් පැහැදිලි කිරීම් හෝ නිදහසට කරුණු දිය නොහැකියි" ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ සහ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඉහළම සෞඛ්‍ය උපදේශකයා කියා සිටියේය. "මම විශ්වාස කරනවා එය සිදු නොවිය යුතුයි."
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අද (23දා) උදෑසන වනවිට 500,201ක් බවට පත්ව තිබූ අතර, ලෝකයේ කොරෝනා මරණ සංඛ්‍යාවෙන් දෙවැනියට සිටින බ්‍රසීලයෙන් වාර්තා වන්නේ ඉන් හරි අඩකටත් අඩු මරණ 247,143කි.
මේ අතර, ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 28,186,824ක් බවට පත්ව ඇති පසුබිමක, දෙවැනියට සිටින ඉන්දියාව ඉන් තුනෙන් එකකට ආසන්නව කොවිඩ්-19 ආසදිතයන් 11,005,850ක් වාර්තා වී තිබේ.