දෙවැනි චීන කොවිඩ්-19 මර්දන එන්නත සඳහා හදිසි අනුමැතිය ලබාදුන් පළමු වැනි රට බවට හංගේරියාව පත්ව තිබේ.
චීන සමාගමක් වන කැන්සිනෝ නිවේදනය කළේ එහි එන්නත හදිසි භාවිතය සඳහා හංගේරියාව තුළ අවසර දී ඇති බවයි.
එන්නත තුන්වැනි අදියර පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසුව හංගේරියානු ජාතික ඖෂධ හා පෝෂණ ආයතනය ගත් තීරණයකට අනුව කැන්සිනෝ එන්නත මෙසේ අනුමත කෙරී ඇත. මේ වනවිටත් චීනය, පාකිස්තානය සහ මෙක්සිකෝව යන රටවලදී මෙම එන්නත් මාත්රා ලබාදීම ආරම්භ කර තිබේ.
චීනයේ සීනොෆාම් එන්නත් අතිරේක තොගයක්ද මිලදී ගැනීමෙන් පසු හංගේරියාවේ අනුමැතිය ලබන දෙවැනි චීන එන්නත කැන්සිනෝ එන්නතයි.
මීට අමතරව රුසියාවේ ස්පුට්නික් - වී එන්නත මෙන්ම, ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්රාසෙනෙකා එන්නතටද මේ සමග හංගේරියාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී ඇත.