තායිවානයේ පසුගිය සිකුරාදා අවම වශයෙන් පුද්ගලයන් 51 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුරින් පසුව එරට ප්‍රවාහන අමාත්‍ය ලින් චියා-ලන්ග් විසින් අග්‍රාමාත්‍ය සු සේං-චැං වෙත සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර තිබේ.
එහිදී තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී මෙම අනතුරේ වගකීම භාරගන්නා බව ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක ලො පිං-චෙං වාර්තාකරුවන්ට පැවසුවේ තායිවාන අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රවාහන අමාත්‍යවරයා මෙසේ තමන් මේ සඳහා වගවීම පෙන්වීම ගැන ප්‍රශංසා කළ නමුත් ඉල්ලා අස්වීම ගැන සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
නැගෙනහිර තායිවානයේ උමගක් තුළ පීලි පැනීමත් සමග කාර්යබහුල මගී දුම්රිය සිකුරාදා උදෑසන මෙසේ පිලි පැනීමකට ලක්වූ අතර, අසල වැඩ බිමක තිබූ මෝටර් රථයක් පහළ ලිස්සා පැමිණ දුම්රියේ ඉදිරිපස වැදීමත් සමග උමග තුළ වූ කොටස මෙසේ දරුණු අනතුරකට ලක්ව ඇති බව කියයි.
මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයන් 200ක් පමණ තුවාල ලබා ඇති අතර, මියගිය අය අතර දුම්රියේ රියදුරුද සිටින බව කියයි.