දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් විසින් ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 35ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 5ක් හැර අන් සියල්ලෝම වෛරසය දේශීයව සම්ප්‍රේෂණය වූ අයයි.
ඉන් 24ක් ආගමික කණ්ඩායම් රැස්වීම්වලට සම්බන්ධ වූවන් දකුණු කොරියානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳුදා පැවති සාකච්ඡාවකදී පැවසීය. එම සිද්ධීන් තනි කණ්ඩායමකට හෝ බහු කණ්ඩායම්වලට බැඳී තිබේද යන්න අමාත්‍යාංශය විසින් නිශ්චිතව දක්වා නැත.
වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පුළුල් පරීක්ෂණ සහ සම්බන්ධතා සොයා ගැනීම සඳහා සෝල් අගනුවර විසින් අවධාරණයෙන් කටයුතු කරන අතර, මේ වනවිට සමස්ත මරණ 271ක් ඇතුළුව, තහවුරු කරන ලද මුළු ආසාදිතයන් සංඛ්‍යාව 12,000කට වඩා අඩු මට්ටමක තබා ගැනීමට රටට හැකි වී තිබේ.
රටේ වසංගතයේ දරුණුතම තත්ත්වය අවසන් වී ඇති බවක් පෙනෙන්නට තිබුණද, මෑත සතිවලදී නව පොකුරු කිහිපයක් හඳුනාගෙන ඇත. සෝල් නුවරට ආසන්න බුචියොන් හි පිහිටි සැපයුම් මධ්‍යස්ථානයකදී නවතම පොකුරක් මතු විය. බලධාරීන් පවසන්නේ එම පොකුරට අදාළව කොවිඩ්-19 ආසාදිතයන් 112 ක් හඳුනාගෙන ඇති බවය. එමෙන්ම දහස් ගණනක් නිරෝධායනය යටතේ තබා ඇත.
මෙම සති අන්තයේ ආගමික කණ්ඩායම් රැස්වීම්වලට සම්බන්ධ ආසාදිතයන් නව පොකුරක පළමු සංඥාව විය හැකි බවට සැලකිලිමත් වී තිබේ.