ඇමෙරිකානු කලාපය, රුසියාව, අප්‍රිකාව, දකුණු ආසියාවේ සමහර රටවල් සහ යුරෝපයේ රටවල් කිහිපයක ආසාදිත සිදුවීම්වල විශාල වැඩිවීමක් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 ප්‍රතිචාරයේ තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පවසයි.
ඒ අනුව ලොව පුරා වෛරසයේ උණුසුම් ස්ථාන කිහිපයක් තවමත් පවතින බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
"මේ පිළිබඳ අප වඩාත් අවධානය යොමුකළ යුතුයි. මොකද, අප දන්නා පරිදි, ඔබ දන්නා පරිදි, මේ වෛරසයට සැබවින්ම සම්ප්‍රේෂණය වීමට සුළු හෝ අවස්ථාවක් ඇති විට එය ඉතා ඉක්මණින් වර්ධනය විය හැකියි" වැන් කෙර්කොව් පැවසීය. "මේ ඕනෑම අවස්ථාවක ඉතා ඉක්මණින් පැතිරෙමින්, මේ වෛරසය අවදානමට ලක්විය හැකි ජනගහනයට බලපාන්නේ කෙසේදැයි අප දැනටමත් අත්විඳ තිබෙනවා. එය අපගේ විශාල කනස්සල්ලට හේතුවක්."
කෙසේ වෙතත් මෙම වසර අවසාන වනවිට එන්නතක් නිපදවිය හැකි යැයි තමා විශ්වාස කරන බව ඇය පැවසුවාය. නමුත් සියල්ල නිවැරදිව සිදුවන්නේ නම් පමණක් එය සිදුවනු ඇති බවද ඇය කීවාය.
මේ වනවිට කොවිඩ්-19 එන්නත් 100කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව විද්‍යාඥයන් පැය 24 පුරාම කටයුතු කරමින් සිටින නමුත්, වේගවත් කාලසටහනකට නිපදවෙන එන්නතකින් ලැබෙන ආරක්ෂාව හෝ කාර්යක්ෂමතාව පිළිබඳ සියලු දෙනා එකඟවන සම්මුතියක් ඇති කළ නොහැකි බවද ඇය පැවසුවාය.