දකුණු කොරියානු බලධාරීන් විසින් නව කොරෝන වෛරස ආසාදිතයන් 79 දෙනෙකු ගෙවීගිය දිනයේදී හඳුනාගෙන ඇති බව කියයි.
මෙම ආසාදිතයන් අතරින් 68 දෙනෙකු දේශීයව වෛරසය සම්ප්‍රේෂණය වී ඇති අය වන අතර, බහුතරය සෝල් අගනුවර අවට පිහිටි, ජියොන්ගි සහ ඉන්චියොන් නගරවලින් හමු වී තිබේ.
උප සෞඛ්‍ය අමාත්‍ය කිම් ගං-ලිප් පැවසුවේ බදාදා හඳුනාගත් රෝගීන් 54 දෙනෙකු සෝල් නගරයේ සිට මිනිත්තු 25ක් දුරින් පිහිටි බුචියොන් නගරයේ සැපයුම් මධ්‍යස්ථානයක් ආශ්‍රිතව හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව බුචියොන් සිද්ධීන් සෝල් හි ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලා පවතින ඉටෙවෝන් හි හඳුනාගත් පොකුරක් හා සම්බන්ධ විය හැකි නමුත් පරීක්ෂණ දිගටම පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
බුචියොන් පොකුරට සම්බන්ධ පුද්ගලයින් 4,150කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනය යටතේ තබා ඇති අතර, ඔවුන්ගෙන් 83% ක් පරීක්ෂාවට ලක් කර ඇති බව කිම් පැවසීය. ඉතිරිය අද පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.
මේ වනවිට දකුණු කොරියාවෙන් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 11,344ක් වාර්තා වන අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරට මරණ සංඛ්‍යාව 269කි.