ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය ඊයේ (27දා) අනුමැතිය ලබාදී ඇති අතර, ඒ අනුව මෙය එක්සත් ජනපදයේදී ලබාගත හැකි පළමු වැනි තනි මාත්‍රාවක කොවිඩ් -19 ආරක්ෂණ එන්නතට බවට පත්ව තිබේ.
වසංගතය ආරම්භයේ සිටම එක්සත් ජනපදයේ මිලියන 28.5කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ 512,000කට ආසන්න මරණ සංඛ්‍යාවක් අද (28දා) වනවිට වාර්තා වී ඇති අතර, එන්නත් සඳහා ඇති ඉල්ලුම තවමත් සැපයුම ඉක්මවා ගිය පසුබිමක එරට අනුමැතිය ලබන තෙවැනි එන්නත මෙය වෙයි.
"තුන්වැනි ආරක්ෂිත හා ඵලදායී එන්නත ඉතා පිළිගත හැකි ප්‍රවෘත්තියක්" යැයි ධවල මන්දිරයේ කෝවිඩ් ප්‍රතිචාරය පවසයි.
දැනට ඇමෙරිකාවේ භාවිත කෙරෙන ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මෙඩොර්නා එන්නත් මෙන් අධික සීතලක විශේෂ ගබඩා කිරීමක් අවශ්‍ය නොවීමත්, තනි මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වීමත් නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත වඩාත් නම්‍යශීලී එන්නතක් බවට පත්ව තිබේ.