මිනිත්තුවකට අඩු කාලයකදී යමෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත්දැයි පෙන්වීම අරමුණු කරගත් මුඛයෙන් පිටවන ප්රාශ්වාස වාතය පරීක්ෂා කිරීමේ උපාංගයක් සිංගප්පූරු බලධාරීන් විසින් තාවකාලිකව අනුමත කර තිබේ.
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයට අනුබද්ධ සමාගමක් වන බ්රෙතොනික්ස් කියා සිටියේ මැලේසියාව සමග දේශසීමාවේදී මෙම තාක්ෂණය අත්හදා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කටයුතු කරන බවයි.
ඒ අනුව වර්තමානයේ අනිවාර්ය කොවිඩ්-19 ඇන්ටිජන් පරීක්ෂණයට සමගාමීව හුස්ම විශ්ලේෂණය මගින් ආසාදිතයන් හඳුනාගැනීම සිදුකරන බව කියයි.
සිංගප්පූරුව පදනම් කරගත් නියමු සායනික අත්හදා බැලීමකදී මෙම පරීක්ෂණය 90% කට වඩා වැඩි නිරවද්‍යතාවක් ලබාගත් බව සමාගම පසුගිය වසරේදී පැවසීය.
සෞඛ්‍ය විද්‍යා අධිකාරියේ වෙබ් අඩවිය විසින් මෙම අනුමැතිය තහවුරු කර ඇති අතර සිංගප්පූරුවේ තාවකාලික අවසරය ලබාගත් පළමු ක්‍රමය මෙය බව සමාගම පවසයි.
මෙම උපාංග පද්ධතියට මුඛය තැබීමට ඉවත දැමිය හැකි මවුත් පීස් කොටසක් සවිවෙන අතර, ඒ උපාංග පද්ධතිය තුළ ක්‍රියාකාරීත්වය හරහා වෛරසය වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය වීමක් සිදු නොවන බවද සහතික කර තිබේ.
ඒ අනුව උපාංගයෙහි මවුත් පීස් කොටසට මුඛය තබා හුස්මක් පිටකළ විට, එහි තාක්ෂණය මගින් පුද්ගලයෙකු ආසාදනය වී ඇත්දැයි එම හුස්මෙහි රසායනික සංයෝග මගින් තක්සේරු කරයි.
එහිදී මෙමගින් ධනාත්මක යැයි පරීක්ෂා කරන ඕනෑම පුද්ගලයෙකු වෛරසය වඩාත් තහවුරු කළ හැකි PCR පරීක්ෂණයකට භාජනය කළ යුතු බව සමාගම පවසයි.