ඩෙල්ටා පාලනයට සිඩ්නි අසමත් වුවහොත් තම දේශසීමා විවෘත නොකරන බවට ඇතැම් ප්‍රාන්ත අනතුරු ඇඟවූවත්, ඔස්ට්‍රේලියානු ජනගහනය 70% - 80% අතර එන්නත් මට්ටම් කරා ළඟාවූ විට ඔස්ට්‍රේලියාවට නැවත විවෘත කිරීමේ සැලැස්ම ඉදිරියට ගෙන යාහැකි බව රජයේ වසංගත ආකෘති උපදේශක ආයතනය පවසයි.
මෙල්බර්න්හි පිහිටි ඩොහර්ටි ආයතනය පැවසුවේ වයස අවුරුදු 16ට වැඩි රටේ ජනගහනයෙන් 70%ක්වත් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති විට, සිය උපාය මාර්ගය තුළ කොවිඩ්-19 මරණ සහ රෝහල් ගතකිරීම් සීමා කිරීම කෙරෙහි රටේ අවධානය යොමු විය යුතු බවයි.
"එන්නත ලබා දීමෙන් වෛරසය සමග ජීවත් වීම පහසු වෙනවා. එය හරියට සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් වෛරස් සමග අප ජීවත් වීම හා සමානයි" ඩොහර්ටි ආයතනය පැවසීය. "අපට ජනගහනයෙන් 70% - 80%ක එන්නත් ආවරණයක් ලබාගත් පසු, දෛනිකව ජාතික වශයෙන් සිය දහස් ගණනක ආසාදිතයන් හමු වුවත් රට විවෘත කළ හැකියි."
දැනට ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහනයෙන් 30%කට පූර්ණ එන්නත ලබා දී ඇති අතර, 53%කට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇත.
සිඩ්නි නගරයේ වෛරසය පැතිර යාමෙන් සමහර ප්‍රාන්තවල කනස්සල්ල අගමැති ස්කොට් මොරිසන් පිළිගෙන ඇති අතර, සදහටම අගුලු දැමීම රටට යහපතට වඩා වැඩි හානියක් සිදු කරන බව හෙතෙම පිළිගත්තේය.