කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීනයේ දැඩි ප්‍රවේශය ක්‍රියාත්මක වී ඇති අතර, ජූලි මාසයෙන් පසු ප්‍රථම වතාවට සඳුදා දිනයේදී දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සීඑන්එන් පුවත් සේවය පවසයි.
පසුගිය මාසයේ රට තුළ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වසංගතය පිළිබඳ යළි අනතුරු ඇඟවීම් සිදු වුවත්, වේගවත් ක්‍රියාමාර්ග සහ එන්නත්කරණය සමග සඳුදා දිනයේදී විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන් 21ක් හැරුණු විට දේශීයව සම්ප්‍රේෂණය වූ එකදු ආසාදිතයෙකු හෝ සොයා ගැනීමට නොහැකි විය.
පසුගිය ජුලි 20දා නැගෙනහිර නැන්ජින් නගරයේ ගුවන් තොටුපල පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය තුළ කොවිඩ්-19 ආසාදිත පොකුරක් හමුවූ අතර, එතැන් සිට චීනයේ පළාත් 31න් අඩකටත් වඩා රෝගීන් ව්‍යාප්ත වී ආසාදිතයන් 1,200කට වැඩි පිරිසක් හඳුනා ගැනුණි.
එහිදී චීන බලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ ඉලක්කගත අගුලු දැමීම, දැවැන්ත පරීක්ෂණ සහ මෙහෙයුම් පැවැත්වීම සහ සංචාරක සීමා දැඩි කිරීමෙන්ම මෙන්ම, කඩිනම් එන්නත්කරණ ක්‍රියාවලිය හරහාය. ඒ අනුව පසුගිය සතිය තුළ රට තුළ දෛනික ආසාදන ක්‍රමයෙන් තනි ඉලක්කම් දක්වා පහත වැටෙමින් තිබුණි.
මේ තත්ත්වය තුළ ඩෙල්ටා වසංගතය පාලනය කළ පළමු වැනි රට චීනය බවට පත්විය හැකි බව සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය.