නවසීලන්ත ප්‍රජාව තුළ නවතම කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමෙන් පසුව, එම ප්‍රභේදය හේතුවෙන් සිදුවූ පළමු වැනි මරණය නවසීලන්තය විසින් වාර්තා කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඊට අමතරව, කොවිඩ්-19 හි නව ආසාදිතයන් 20ක් අද (04දා) ඕක්ලන්ඩ් හිදී වාර්තා විය.
මෙම මරණය 90 හැවිරිදි ඕක්ලන්ඩ් කාන්තාවක් වන අතර ඇය කොවිඩ්-19 ආසාදිත බව තහවුරු කළ සිද්ධියක් විය. මෙම කාන්තාවට නිධන්ගත රෝගී තත්ත්වයන් ගණනාවක් පැවතී ඇති බවද කියයි.
කෙසේ වෙතත් අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන්, කොවිඩ්-19 වෛරසයෙන් මියගිය තැනැත්තියගේ පවුලේ අයට සහ ඥාතීන්ට සිය කණගාටුව ප්‍රකාශ කළාය.
"සෑම මරණයක්ම කොවිඩ්-19 අපේ ප්‍රජාව තුළට ඇතුළු වීමේදී ඇති විය හැකි හානිය සිහි ගන්වනවා" ආර්ඩර්න් පැවසීය. "අපේ වැඩිහිටි නවසීලන්ත වැසියන් සහ සෞඛ්‍ය ගැටලු ඇති අය වෛරසයෙන් බොහෝ දුරට අවදානමට ලක්විය හැකියි. එය පැතිරීම නැවැත්වීම සඳහා අගුලු දැමීම වැදගත් මෙවලමක් වීමට මෙයද හේතුවක්" ආර්ඩෙන් වැඩිදුරටත් පැවසීය.
මෙම මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයන් සියලු නවසීලන්ත වැසියන්ට පවසා සිටියේ, කොවිඩ්-19 බැරෑරුම් ලෙස සලකන ලෙසත් මහජන සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත්ය.
නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් කොවිඩ්-19 අනතුරු ඇඟවීමේ 4 වැනි මට්ටමේ අගුලු දමා ඇති අතර, රටේ සෙසු ප්‍රදේශ අනතුරු ඇඟවීමේ මට්ටම 3 සීමාවන් යටතේ ඇත.