කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්රීඩක ක්රීඩිකාවන් සෑම දින හතරකට වරක් කොවිඩ්-19 පරීක්ෂාවට ලක් කෙරෙන බවත්, ඔවුන් ධනාත්මක ප්රතිඵලයක් ලබාදෙන්නේ නම් තරග කිරීම තහනම් කරන බව තරග සංවිධායකයන් නිකුත් කළ නවතම රීතින් හි දැක්වෙයි.
පිටු 33කින් යුත් ලේඛනය මගින් ක්රීඩක ක්රීඩිකාවන්ට ඔවුන් තරග ඉසව්වලින් ඉවත් කළ හැකි රීති මාලාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අතර වැලඳ ගැනීම් හෝ අතට අතදීම් තහනම් කර ඇති අතර, අත් සේදීමේ නීතියක්ද වෙයි. වෛරසය වැළැක්වීමේ මෙම නීති කඩ කළහොත් ඔවුන්ව තරග ඉසව්වලින් ඉවත් කරනු ඇත.