එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ එලැඹෙන ජූලි මාසය අවසන් වනවිට එක්සත් ජනපදය තුළ එන්නත් මාත්‍රා මිලියන 300ක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව ජනගහනයෙන් අතිමහත් බහුතරයකට ප්‍රතිශක්තිකරණය ලබාදීමට නිලධාරීන් අපේක්ෂා කරන බැවින් ෆයිසර් සහ මොඩෙර්නා වෙතින් තවත් COVID-19 එන්නත් මාත්‍රා මිලියන 200ක් ලබාගැනීමට එකඟතාවකට පැමිණි බවද හෙතෙම සඳහන් කළේය.
"මේ පිළිබඳ ගිවිසුම් අප අත්සන් කළා. තවත් මොඩෙර්නා එන්නත් මිලියන 100ක් සහ තවත් ෆයිසර් එන්නත් මිලියන 100ක් සඳහා අවසන් ගිවිසුම් අත්සන් කළා" බයිඩන් වොෂිංටනය ආසන්න ජාතික සෞඛ්‍ය ආයතනවල සංචාරය කිරීමෙන් අනතුරුව පැවසීය. "ජූලි මාසය අවසන් වනවිට ඇමරිකානුවන් මිලියන 300ක් සඳහා ප්‍රමාණවත් සැපයුමක් ලබා ගැනීමට අපි දැන් ගමන් කරමින් සිටිනවා."
එක්සත් ජනපදයේ හදිසි භාවිතය සඳහා දැනට අවසර දී ඇති එන්නත් දෙක වන ෆයිසර් සහ මොඩෙර්නා යන එන්නත් දෙකටම මාත්‍රාවන් දෙකක් අවශ්‍ය වෙයි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව එක්සත් ජනපදය මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 27.3කට අධික සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර 475,000කට අධික පිරිසකට ජීවිත අහිමි වී තිබේ.