එලැඹෙන සීත කාලයේදී වියහැකි කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම වැළැක්වීම සඳහා දැන් සිටම සූදානම් වීමේ පියවරක් ලෙස වැඩිහිටියන් සහ අවදානම් සහිත පුද්ගලයන් සඳහා කොවිඩ්-19 තෙවැනි මාත්‍රාවක් ලබාදෙන රටවල් කිහිපය අතරට ජර්මනියද එක්ව තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් සහ ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරුන් 16 දෙනෙකු අතර පැවති සාකච්ඡාවලින් පසු අගෝස්තු මස මුලදී එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී. ජනගහනයේ ඉතාමත් අවදානමට ලක්ව ඇති කොටස් අතර ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාරය අඩු වීම හෝ ශීඝ්‍රයෙන් පහළ යෑම ගැන සැලකිලිමත් වන බව සියලු පාර්ශ්ව එකඟ වූහ.
ජර්මනිය සහ සමස්ත යුරෝපා සංගමයම මහාද්වීපයේ කොවිඩ්-19 වසංගතයට එරෙහිව පළමු එන්නත ලබාදී පළමු දිනයට මාස නවයකටත් වැඩි කාලයක් ගත වී ඇත. මේ වනවිට යුරෝපයේ ප්‍රංශය, එක්සත් රාජධානිය සහ හංගේරියාව සැප්තැම්බර් මාසයේදී අවදානම් සහිත පුද්ගලයින් සඳහා බූස්ටර් මාත්‍රා දීමට සූදානම් බව නිවේදනය කර ඇති අතර, ඉතාලිය හා ස්පාඤ්ඤයද එවැනි ඉඟියක් පළ කර ඇත.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්න්ධයෙන් මෙතෙක් වෙනත් මතයක සිටින අතර, ඔවුන් පවසන්නේ බූස්ටර් මාත්‍රා ලබාදීමට පෙර ලෝකයේ එක් කොවිඩ්-19 මාත්‍රාවක් හෝ ලබා නොගත් පිරිස් වෙත එන්නත් ලබාදීමට දියුණු රටවල් කටයුතු කළ යුතු බවය.