ජර්මනියේ ජනතාව දහස් ගණනින් කොවිඩ්-19 සීමාවන්ට එරෙහිව සටන් පාඨ කියමින් සහ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් බර්ලින් නගරය හරහා ගමන් කරමින් සිටියදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවී තිබේ.
රීච්ස්ටැග් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා ඇති රජයේ දිස්ත්‍රික්කයේ වූ බාධක පසුකර යාමට සමහර විරෝධතාකරුවන් උත්සාහ කළ අතර, එහිදී ඔවුන් නිලධාරීන් සමග ගැටුණු බව පොලිසිය පවසයි. මෙම ගැටුම් නිසා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.
එහිදී පුද්ගලයින් 50දෙනෙකු පමණ රඳවාගෙන ඇති අතර, නිලධාරීන්ට පහර දීම හේතුවෙන් ඇතැම් පිරිස් අත්අඩංගුවට ගත්බව හමුදාව පවසයි.
විරෝධතාකරුවන් අතර මුඛ ආවරණයක් හෝ පැලඳ සිට ඇත්තේ ඉතා ස්වල්ප පිරිසක් පමණි. එය වසංගතයෙන් මිදීමට දැඩි පරිශ්‍රමයක් ගෙන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් ඇතුළු සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් කරන දසුනක් බව ජර්මානු මාධ්‍ය පවසයි.
එන්නත්කරණයේ වේගවත්බව සමග ආසාදන අඩු වුවත්, ඩෙල්ටා ප්‍රභේදය වැනි අධිකව බෝවන ප්‍රභේද හමුවේ මුඛ ආවරණ නීතිය වැනි ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ජනතාව විරෝධය දක්වයි. කෙසේ වෙතත් මේ වසරේ මුල පැවති ආකාරයේ දැඩි අගුලු දැමීමක් රට තුළ නැවත සිදු නොවන බව පවසා තිබියදීත් මෙසේ විරෝධතා පැවැත්වෙයි.
ජර්මනියේ සමස්තයක් ලෙස ආසාදිතයන් මිලියන 3.9කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, රට සිව්වැනි ආසාදන රැල්ලකට මුහුණ දී සිටී. සෙනසුරාදා නව ආසාදිතයන් 10,303ක් සහ මරණ 22ක් වාර්තා කළ අතර, සමස්ත මරණ සංඛ්‍යාව 92,096ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ තත්ත්වය තුළ තවමත් එන්නත ලබා නොගත් අය එන්නත් ලබා ගැනීම සඳහා උනන්දු කරවීම සඳහා රජය පවසා ඇත්තේ සෞඛ්‍ය හේතූන් මත එන්නත් ලබාදීම නිර්දේශ නොකරන අය හැර සියලු දෙනාට ඔක්තෝබර් 11දා සිට නොමිලයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම නවත්වන බවයි.