ජර්මනියේ කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව එරට රෝග පාලනය හා වැළැක්වීමේ ජාතික ඒජන්සිය වන රොබට් කොච් ආයතනය ඊයේ (15දා) කියා සිටියේය.
දින හතක සිදුවීම් අනුපාතය දැන් වැසියන් 100,000කට නව රෝගීන් 58.9ක් වන බවත්, එය ජනවාරි 30 වන දින පැවති රෝගීන් 90 සිට මෙසේ අඩු වී ඇති බව එම ආයතනය පවසයි.
මේ වනවිට ජර්මනිය තුළ එන්නත් මාත්‍රාවන් 3,967,246ක් ලබා දී ඇති බවත්, මෙම එන්නත්කරණයද මෙසේ ආසාදන අඩුවීමට හේතුවක් බවත් සඳහන් වෙයි.
එමෙන්ම දැනට පවතින සීමාවන් හා අගුලු දැමීම්ද මේ සඳහා සෘජුවම බලපා ඇති බව පවසන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල්, එම සීමාවන් දිගටම පවත්වාගෙන යන බවත්, අවම වශයෙන් මාර්තු 7දා දක්වා අගුලු දැමීම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් පවසයි.