ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ 2011 වසරේ සිදුවූ ප්‍රබල භූ කම්පනයේ දස අවුරුදු සංවත්සරයට සති කිහිපයකට පෙර එම වෙරළ තීරයේම අද (14දා) රික්ටර් පරිමාණ 7.3ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
මෙම භූමිකම්පාව ටෝකියෝවට දැඩි ලෙස දැනුනද සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව කියයි.
භූකම්පනයෙන් පුද්ගලයන් 50ක් පමණ තුවාල ලැබූ බවට වාර්තා වන අතර, නිවාස මිලියනයකට ආසන්න ප්‍රමාණයක් විදුලිය නොමැති බව නිලධාරීහු පවසති.
2011 දී ඇති වූ භූමිකම්පාවෙන් සුනාමියක් ඇති වී 18,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
එම සුනාමිය නිසා 1986 දී චර්නොබිල් ව්‍යසනයෙන් පසු ලොව දරුණුතම න්‍යෂ්ටික අනතුර වන ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික අනතුරක්ද සිදුවිය.
මේ අතර ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පැවසුවේ අද ඇති වූ භූමිකම්පාව 2011 දැවැන්ත භූකම්පනයේම පසු කම්පනයක් බවයි. මන්දයත් විශාල භූමිකම්පාවකින් පසු ඇති වූ කම්පන වසර ගණනාවක් පුරා පැවතිය හැකි බැවිනි.