කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසදිතයන් 63 දෙනෙකු ගෙවීගිය දිනයේදී ජපානයෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
එමෙන්ම ගතවූ කාලයේදී එරට නව කොවිඩ්-19 මරණ 7ක්ද වාර්තා වී ඇති අතර, මේ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 881ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රහස්පතින්දා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 21ක් දකුණු නගරයක් වන කිටකියුෂු වෙතින් හමුවී ඇත. එම නගරය දින 23ක් පුරා නව ආසාදන බිංදුවක් වාර්තා කර තිබූ අතර, මේ වනවිට යළිත් එම නගරයෙන් ආසාදිතයන් හමුවීමට ඇරඹී තිබේ. ඒ අනුව කිටකියුෂු නගරයෙන් පසුගිය දින හය තුළ නව රෝගීන් 43ක් වාර්තා කර ඇත.
මෙසේ ආසාදිත අගය යළිත් ඉහළ යෑමත් සමග දෙවැනි ආසාදිත රැල්ලක් පිළිබඳ බියක් ජපානය තුළ අතිව තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව ජපානයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය මේ වනවිට 16,598කි. එමෙන්ම එරට තුළ වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 14,096කි.