එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත බහරේන් විසින් අනුමත කර ඇති අතර, එය සිදුකළ පළමු වැනි රට මෙය බව ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය (NHRA) පවසයි.
මෙම ගල්ෆ් රාජ්‍ය දැනටමත් එරට පුරවැසියන්ට සහ එරට රැඳී සිටින අයට නොමිලේ එන්නත් හතරක් ලබාදෙයි. ඒ අතර, ෆයිසර් - බයෝටෙක්, සීනොෆාම්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ ස්පුට්නික් වී යන එන්නත්ය.
වයෝවෘද්ධ අය සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන් ඇතුළු කොවිඩ්-19 හි සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කණ්ඩායම් සඳහා මෙම එන්නත් ලබාදී තිබේ.
"සමාගම විසින් ඉදිරිපත් කරන ලද සියලුම ලියකියවිලි පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකර ඇති අතර එයට සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵලද ඇතුළත් වෙනවා" යැයි NHRA හි ප්‍රධාන විධායක නිලධාරී මරියම් අල්-ජලාහ්මා පැවසීය.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන අධීකාරිය බදාදා කියා සිටියේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අත්හදා බැලීම්වලදී ආරක්ෂිත සහ ඵලදායී බව පෙන්වා ඇති බවයි.