ජනවාරි මාසය වනවිට සාර්ථක කොවිඩ්-19 එන්නත නිපදවීමේ අවස්ථාව අතිශයින්ම දැඩි අභියෝගයක් වුවද, එය කරගැනීමටද හැකි බව එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතන සහ ෆ්‍රෙඩ් හචින්සන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ බෝවන රෝග විශේෂඥයන් පවසයි.
වෛරස් විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව සහ එන්නත් සංවර්ධනය පිළිබඳ ප්‍රවීණයෙකු සහ ෆ්‍රෙඩ් හච් හි එන්නත් හා බෝවන රෝග අංශයේ සාමාජිකයෙකු වන වෛද්‍ය ලැරී කෝරි පැවසුවේ, එය සිදුවන්නේ නම් සෑම දෙයක්ම ඇදහිය නොහැකි තරම් හොඳින් සිදුවිය යුතු බවයි.
"නිසැකවම පෙට්ටියෙන් එළියට එන මේ පළමු වැනි එන්නත, ආර්එන්ඒ එන්නත, එය ෆයිසර් හෝ මෝඩර්නා වේවා, ජනවාරි මාසය වනවිට පිළිතුරක් ලබාගැනීම සඳහා ඉතා හොඳින් සියලු දේ සිදුවිය යුතුයි."
“ඉහළ කාර්යක්ෂමතාව හෝ වඩා හොඳම කාර්යක්ෂමතාව මෙහිදී බලපානවා. එන්නතක් ඇත්ත වශයෙන්ම බලපෑමක් පෙන්නුම් කිරීමට යම් කෙටි කාලයක් ගතවෙනවා. එවැනි වාතාවරණයක මෙය ජනවාරියේ පැමිණිය නොහැකි යැයි කිසිවෙකු සඳහන් කරන්න පුළුවන්. නමුත්, එය විය හැකියි." හෙතෙම සඳහන් කළේය.
මේ වනවිටත් ලොව පුරා කොවිඩ්-19 එන්නත් අත්හදා බැලීම් සිදුවෙමින් පවතින අතර, ඖෂධ කර්මාන්තය, ශාස්ත්රාලීය, පර්යේෂණ මධ්‍යස්ථාන, ජෛව තාක්ෂණ කර්මාන්තය සහ විශේෂඥ කණ්ඩායම් ඊට යුසුහුසුව ක්‍රියාත්මක වෙමින් සිටිති.