කොරෝනා වසංගතය යළිත් එක්සත් ජනපදය තුළ වර්ධනය වන බවට වූ අනතුරු ඇඟවීම් සමග රාත්‍රී ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මියාමි බීච් හි පාලනයෙන් තොර ජනතා ගැවසීම් වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
එක්සත් ජනපද ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි බීච් හි ප්‍රාදේශීය බලධාරීන් සෙනසුරාදා දිනයේ හදිසි නීතියක් ප්‍රකාශයට පත්කර මෙසේ ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇත.
නගරයේ රාත්‍රී ජීවිතයේ කේන්ද්‍රස්ථානය වන දකුණු වෙරළ තීරයෙන් අමුත්තන් බැහැරව සිටිය යුතු අතර රාත්‍රී 8.00 ට අවන්හල් වසා දමනු ඇත. පාලනයෙන් තොර ජනතාව සමග මෑත දිනවල ප්රචණ්ඩ ක්‍රියාවල වැඩිවීමක්ද එහි වාර්තා වී තිබේ.
එසේම මියාමි හා සම්බන්ධ වන පාලම් තුනක් දැන් රාත්‍රී 10.00 සිට පෙ.ව.6.00 දක්වා ගමනාගමනය සඳහා වසා තැබේ. එහිදී පදිංචිකරුවන්ට, කම්කරුවන්ට සහ හෝටල් අමුත්තන්ට පමණක් ප්‍රවේශය ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව එක්සත් ජනපදයේ කැලිෆෝනියා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලට වඩා වඩා තුන්වන වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන්නේ ෆ්ලොරිඩාවෙනි.