අග්නිදිග ආසියාවේ පිලිපීනය වෙත ළඟා වූ පළමු වැනි එන්නත වන චීනය විසින් පරිත්‍යාග කළ සීනොවැක් කොරෝනා ආරක්ෂණ එන්නත් තොගය ඊයේ (28දා) එරටට ළඟා වී තිබේ.
පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් මැනිලා අගනුවර පිහිටි පිලිපීන ගුවන් හමුදා කඳවුරකදී මෙම එන්නත භාරගැනීමට පැමිණියේය.
ඔහු මේ අවස්ථාවේදී චීනයට සිය කෘතඥතාව පළකළ අතර, මෙය දෙරට අතර සහයෝගීතාවයේ සංකේතයක් බව කියා සිටියේය.
පිලිපීනයේ මේ වනවිට පුද්ගලයින් 576,000ක් ඉක්මවා කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, පුද්ගලයන් 12,300ක් ඉක්මවා ජීවිත අහිමි වී තිබේ.
ඒ අනුව කොවිඩ්-19 රෝගයට එරෙහි පිලිපීනය දියත් කරන සටනේ නව අදියරක් සනිටුහන් කරමින් මෙම එන්නත් තොගය පිලිපීනයට ලැබී තිබේ.