චීනය විසින් සපයන ලද එන්නත් රැගත් ගුවන් යානයක් ඊයේ (14දා) සිම්බාබ්වේ බලා පිටත්ව ගොස් ඇති අතර, එය අද (15දා) සිම්බාබ්වේ අගනුවර හරාරේ වෙත පැමිණෙනු ඇත.
සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනාන්ගග්වා කියා සිටියේ මෙම පරිත්‍යාගය සිම්බාබ්වේ සහ චීනයේ ජනතාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවට සාක්ෂියක් බවයි.
එදා යටත් විජිත පාලනයට එරෙහි සටනේදී චීනය සිම්බාබ්වේට ආධාර සැපයූ අයුරින්ම, දෙරට අතර සුහදතාව තවදුරටත් පවතින බව ඔහු කියා සිටියේය.
චීනය විසින් පරිත්‍යාග කරන ලද එන්නත් මාත්‍රාව 200,000ක් අද (15දා) සිම්බාබ්වේ වෙත ලැබෙනු ඇත.