චීනය, ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙනුවෙන් කොවිඩ්-19 මර්දන එන්නත් මිලියන 3ක මූලික මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇති අතර, තවත් හදිසි සැපයුම් ලබාදෙන බව පවසා තිබේ.
එමෙන්ම ඇෆ්ගනිස්ථාන ජනතාවට කොවිඩ්-19 එන්නත්වලට අමතරව, ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මෙන්ම, ශීත සෘතුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ යුවාන් මිලියන 200ක් වටිනා තවත් ඖෂධ ලබාදීමට චීනය තීරණය කර ඇතැයි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත කාර්යාලයේ ප්‍රධානී චෙන් ෂු පැවසීය.